ප්‍රමුඛ පුවත 1

ගිනිගත්හේන,දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

(UTV| කොළඹ) – හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) දහවල් 12 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

එම ස්ථානය නාය යැමේ අවධානම් ස්ථානයක් බව හදුනා ගැනිමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ නායයාම වැලැක්විම සදහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබෙන ස්ථානයක මෙසේ පස් කන්දක් කඩා වැටි ඇත.

ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති පස් සහ ගල් ඉවත්කිරිමේ කටයුතු එම ස්ථානයේ ප්‍රතිසංසකරණ කටයුතු සිදු කරන අදාළ සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කලත් තවදුරටත් කදු මුදුනේ සිට ප්‍රධාන මාර්ගයට පස් සහ විශාල ගල් පර්වත කඩාගෙන ඒම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිම ප්‍රමාද වී තිබේ.

තවදුරටත් එම ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවධානම වැඩි නිසා හැටන්-කොළඹ ,හැටන්-මහනුවර, හැටන්ගි-නිගත්හේන, හැටන්-ලක්ෂපාන යන ප්‍රදේශවලට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට පත් වූවන්ට සහන – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

හිටපු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment