ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24ත් කාලගුණය අයහපත්

(UTV| කොළඹ) – ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින වටා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි සංවිධානය දිස්ත්‍රික්ක් 4 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි නායයාම් අධ්‍ය්‍යන හා අවදානම් කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවන්නේ, ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5කට මිලිමීටර් 150 ඉක්ම ව තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැළෙමින් පවතී නම් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි.

අධික වැසි සමඟ ලක්ෂපාන හා කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

පවතින අධික වර්ෂාව තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට ජන ජීවිත අඩාලවී තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉඳල්ගස්හින්න අතරට පස්කන්දක් කඩා වැටී තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අදාළ තත්ත්වය හමුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රියේ සිඟමනේ යෙදුණු පුද්ගලයින් අධිකරණයට

Mohamed Dilsad

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

උතුරු පළාතට වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයෙක්

Mohamed Dilsad

Leave a Comment