ප්‍රමුඛ පුවත 1

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

(UTV| කොළඹ) – ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබේ.

ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කළේ මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ජනතාව අතර ඇති සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇති බවයි.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවලට පිහිටා තිබේ.

ඒඅනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ආධ්‍යාත්මික නායකයා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර, ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමුවී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

විජයකලාට එරෙහිව සිංහල රාවය නඩු මඟට

Mohamed Dilsad

සරසවි රැසක අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment