ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රීඩා වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි – ක්‍රීඩා ඇමති

(UTV| කොළඹ) – තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නිළධාරීන් සහ ක්‍රීඩා, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගීවන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සදහා සහභාගී වීමට ප්‍රථම තහනම් උත්තේජක පරීක්ෂණ සදහා යොමු කරවීම අදාළ ක්‍රීඩා සංගම් සතු වගකීමක් බව පැවසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීම සඳහා ගරු ක්‍රීඩා,පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම අතරතුර තහනම් උත්තේජක පරීක්ෂණ වලට යොමු කිරීම හා තහනම් උත්තේජක සම්බන්ධයෙන් දැනුවත් වීම අනිවාරයෙන්ම සිදු කල යුතු බවට අමාත්‍යතුමාගේ හා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අවධානය යොමු විය.

තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් විසින් එකී තරඟ පැවැත්වෙන දිනට, මසකට පෙර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කළ යුතු බවට ද මෙහි දී තීරණය විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment