ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ මේ මස 22 වනදා දක්වා යි.

එම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කෙරුණි.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් අත්තිකාරම වශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ල බුදු පිළිම සිද්ධිය ගැන පොලීසියෙන් ඉල්ලීමක් [PHOTO]

Mohamed Dilsad

කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක්

Mohamed Dilsad

අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

Mohamed Dilsad

Leave a Comment