විදෙස්

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයි

(UTV| ඇමෙරිකාව) – 2015 වසරේ ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේ ඇති කර ගන්නා ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දිරාපත්ව සහ පිළුණු වී ඇති එම ගිවිසුම සමග රැඳී සිටීම පුරවැසියෙකු ලෙස තමන්ට ලැජ්ජාවට කාරණාවක් බව ඇමෙරිකානු ජනපතිවරයා කියා සිටියේය.

යුරෝපීයන්ගේ අවවාද නොතකා 2015 වසරේදී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට පෙර ඉරානයට එරෙහිව යළි ආර්ථික සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික බලශක්තිය ආයුධ නිෂ්පාදනය සඳහා යුරේනියම් බලගැන්වීම යළි ආරම්භ කරන බව ය.

මේ අතර අමෙරිකාව සිය පොරොන්දු ඉටු නොකරන බව නිවේදනය කර ඇතැයි ඉරාන ජනපති හසන් රුහානී කියා සිටියේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

Leave a Comment