ප්‍රමුඛ පුවත 1

සේවයෙන් බැහැර ගිය සෙබළුන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

(උදයම්,කොළඹ)  – රාජකාරි කරමින් සිටියදී සේවයෙන් බැහැරව ගොස් නැවත වාර්තා කර නොමැති නිලධාරින් සහ සෙසු නිලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද(9) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රෝෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ අද(9) පෙරවරුවේ සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවය .

මෙම මෙහෙයුමට ශ්‍රි ලංකා යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහභාගීවී සිටිති.

පොලිස් බල ප්‍රදේශ 150ක් පමණ ආවරණය වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

Related posts

හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

Mohamed Dilsad

රූපවාහිනී සංවාදයකට පැමිණෙන්නැයි සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment