ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයට 12න් පස්සේ මොකද වෙන්නේ?

(UTV|කොළඹ) – ඊයේ (08) මධ්‍යම රාත‍්‍රි 12 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවු බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

නමුත් ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් එම වැඩවර්ජනය වහාම  අද දහවල් 12.00 ආරම්භ කරන බවද දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.

සිය වැටුප් තල සම්බන්ධයෙන් සකස් කර ඇති චක‍්‍රලේඛයට අද (09) කැබිනට් අනුමැතිය ලබාගන්නා බවට බලධාරීන් පොරොන්දුවක් ලබා දී ඇත.

දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයක සේවකයින් යෝජිත වැඩවර්ජනයට සහය පළ කරයි. වැඩවර්ජනය ආරම්භ කෙරුණහොත් දුම්රිය පාලකවරුන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය රියදුරන් ඊට එක්වනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 05 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment