ප්‍රමුඛ පුවත 1

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රත්‍රන් තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිංගප්පුරුවේ සිට අද(08) අලුයම මෙරටට පැමිණි ඇති අතර මෙම කාන්තාවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් සතුව තිබු රත්‍රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් සියයක පමණ වේ.ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය.

ඔවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 සහ 56 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කරයි.

කාන්තාවන් දෙදෙනා ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා රේගුව වෙත භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ තවත් ඥාතියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

Mohamed Dilsad

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment