ප්‍රමුඛ පුවත 1

කෝටි පහක රත්‍රන් රේගුවේදී අල්ලයි

(UTV| කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණික මඟී පර්යන්තය ඔස්සේ විදේශ ගත කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ(04) පස්වරුවේ ඔවුන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක සේවය කරන 43 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඔහු තම ඉන ප්‍රදේශයේ වටා විශේෂිත පටි යොදා ගෙන මෙම රත්තරන් තොගය සංක්‍රමණික මඟී පර්යන්තයේ ඇති වැසිකිලියක් තුළට රැගෙන ගොස් තිබේ.

එහිදී සිංගප්පූරුවේ සිට සහ සිංගප්පූරුව බලා පැමිණි සහ පිටත්ව යෑමේ අදහසින් එම පර්යන්තයේම රැඳී සිටි 55 සහ 65 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මඟීන් දෙදෙනෙකු ද , එම වැසිකිලිය තුළට ඇතුළු වී තිබේ.

ඉන්පසු මෙම රත්තරන් තොගය එම වැසිකිලිය තුළ දී හුවමාරු වන විටම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගත් රත්‍රං තොගයේ ග්‍රෑම් 100 බැඟින් වූ රත්‍රං කුට්ටි 61 ක් තිබූ අතර , කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 100 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබුණි.

ඒ අනුව මෙම රත්‍රං තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 200 ක් බව රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුව සැරිය ගිලන් රථ සේවාව අද සිට සබරගමු පළාතටත් ක්‍රියාත්මකයි…

Mohamed Dilsad

ඉදිරි මාසය තුළ දී තවත් ඖෂධ රැසක මිල අඩුවෙයි – සුව ඇමති

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැයි දින පණිවිඩය.

Mohamed Dilsad

Leave a Comment