විදෙස්

ඇමරිකාවේ 52%ක් තවමත් ඔබාමා සමග

ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනපති වීම සම්බන්ධයෙන් මේවන විට සතුටු වන්නේ ඇමෙරිකානුවන්ගෙන් 43%ක් පමණි.

එමෙන්ම 40%ක් නව ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කැමැත්ත පළ කර තිබේ. පසුගිය සතියේ එය 35%ක් ලෙස සඳහන්ව තිබිණි.

දෝෂාභියෝගය සඳහා වූ පෙත්සමක් අත්සන් කරමින් සිටින අතර මේ වන විට ඒ සදහා අත්සන් 500 000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

ට්‍රම්ප් නියමිත ඡන්ද කොට්ඨාස 270 ජයගත් නමුත් ප්‍රසිද්ධ මනාප වලින් මිලියන තුනකින් පමණ පරාජය විය.

 

වයස 30ත් 31ත් අතර ලියාපදිංචි ඇමෙරිකානුවන් 725 දෙනකු ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදු කෙරුණි.

ඉන් 80%ක පිරිසක් ස්ථාවර දුරකථන සම්බන්ධතා භාවිත කරති.

Related posts

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

Editor O

රුසියාවට ප්‍රහාරයක්

Mohamed Dilsad

ත්‍රස්තවාදයට එරෙහි ට්‍රම්ප්-මෝඩි මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment