ප්‍රමුඛ පුවත 1

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක්

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකරන අද (02) දිනය රාජ්‍ය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

හෙළයේ මහා සිනමාකාරු මෙරට සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සිදුකල අනුපමය සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් එතුමන් ජාතියෙන් සමුගන්නා අද (02) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මේ වන විට එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලට ගෙන ඒමට නියමිත අතර ජාතික චිත්‍රපට සංස්ථාව අසලදී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත ගෙන ඒමට නියමිතය.

අද (02) දහවල් 12:00 ට ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මහජන ගෞරාවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසුව සවස 3:00 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

Leave a Comment