ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

(UTV| කොළඹ) – ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ලෝරන්ස් විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හුවමාරු ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් ශක්තිමත් අයුරින් පවත්වා ගෙන යාම පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු, ලෝරන්ස් විද්‍යාලයේ ප්‍රධානාචාර්ය විනායි පාන්ඩේ (Vinay Panday), එම විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

Mohamed Dilsad

පූජිතට – හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment