ප්‍රමුඛ පුවත 1

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් තුන්දහසක් යොදවා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය තුළ පමණක් තෝරණ 11ක් ඇතුළුව වෙසක් කලාප 05ක් තිබෙනවා.මේවා නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා අපි පොලිස් නිළධාරීන්1900ක් යොදවනවා. නිළ ඇදුමෙන් වගේම සිවිල් ඇදුමෙනුත් යොදවනවා. රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා  නිළධාරීන් 1100ක් යොදවනවා.සමස්ථ නිළධාරින් 3000ක ප්‍රමාණයක් කොළඹ නගරය තුළ රාජකාරියේ යෙදවීමට නියමිතව තිබෙනවා. උත්සහයක් දරමු මෙවර මේ වෙසක් දින කිහිපයේදී අනතුරු අවම කරගන්න යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට පියවර

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment