ප්‍රමුඛ පුවත 1

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

(UTV| ඉරානය) – ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලී ලරිජානි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.
දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම  ඉරාන කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ.
එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට  ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිතය.
මේ වන විට ඉරාන කථානායකවරයා වියට්නාමයේ සංචාරයක නිරතවෙමින් සිටියි.
මේ අතර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර  සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 153ක් හිමිව ඇති අතර පනතට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති බව වාර්තා වෙයි.
තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

දෙදරු මවක් අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment