ප්‍රමුඛ පුවත 1

වැලිකන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV|පොළොන්නරුව) – හබරන , මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී  සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද අලුයම කැබ් රථයක් සහ ලොරි රථයක් ඇළකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

වන අලියෙකු පාර හරහා ගමන් කිරීම හේතුවෙන් කැබ් රථය එම ස්ථානයේම නතර කර ඇති අතර ඊට පසුපසින් පැමිණි ලොරිය, කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

කැබ් රථයේ ගමන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ සිට අලූත් අවුරුදු සැමරීම සදහා වාලච්චේන ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසකි.

සිද්ධියෙන් මියගිය කැබ් රථයේ ගමන් කළ කාන්තාවගේ වයස අවුරුදු 60 ක් වන අතර, මියගිය අනෙක් පුද්ගලයා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ ගමන් කළ රිය සහායකයායි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් 7 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනපති හමු වෙයි

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

Mohamed Dilsad

Leave a Comment