ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

 (UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ දී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම පූර්ණ කැබිනට් සංශෝධනයක් මෙම සිංහල අලූත් අවුරුද්දෙන් අනතුරුව සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ දක්වා වූ කාලය සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇත.

අද දින පත් කෙරුණු නව අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- ආචාර්ය සරත් අමුණුගම මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

02- රංජිත් සියඹලාපිටිය මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය

03- ෆයිසර් මුස්තාෆා මහතා – කී‍්‍රඩා අමාත්‍ය

04- මලික් සමරවික‍්‍රම මහතා – සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව නිරීක්ෂණයට

Mohamed Dilsad

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment