විදෙස්

බස් අනතුරකින් 17 මරුට

(UTV| ඉන්දියාව) – බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ නගරය වෙත ඉදිරිකිරීම් සේවකයන් රැගෙන ගිය ලොරි රථයක් මෙහිදී අනතුරට ලක්වී ඇත.

රියදුරාට ලොරි රථය පාලනය කර ගත නොහැකිව බාධකයක ගැටී එය පෙරලී තිබේ.

එහිදී 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රියදුරාට නින්ද යාම අනතුරට හේතුව ලෙස පොලීසිය සැක කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය ‎

Mohamed Dilsad

Leave a Comment