ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපතිවරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙයි

(UTV| කොළඹ) – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (29) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

යුධ හමුදාපතිවරයාගේ යාපනය සංචාරයට සමගාමීව ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ජාව සංවිධානය කොට තිබිණ.
ආරක්ෂක අංශ සතුව පවතින උතුරු පළාතේ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, උතුරු පළාතේ පාසල් දරුවන්ගේ යුධ හමුදා සහයෝගය යටතේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම හා උතුරු පළාතේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා පැවැත්වූහ.
වැඩසටහන් අවස්ථාවේදී යුධ හමුදාපතිවරයා පැවසූවේ සිංහල හින්දු නව වසරට සමගාමීව ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම්වලින් කොටසක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට නියමිත බවයි.
වැඩසටහන් අවස්ථාවට යුධ හමුදා උසස් නිළධාරීන්, ප්‍රධාන අමාත්‍යවරයා‍ගේ කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Mohamed Dilsad

බදු සහන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

අගමැතිට මැතිවරණ කොමීෂන් සභාවෙන් ලිපියක්…

Mohamed Dilsad

Leave a Comment