විදෙස්

ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් දකුණු කොරියාවට

(උදයම්,ඇමරිකා)  – ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජේම්ස් මැටිස් දකුණු කොරියාවේ සංචාරයක් අරඹයි.

ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි.

උතුරු කොරියාවේ එල්ල වන බලපෑම් හමුවේ දකුණු කොරියාවේ ආරක්‍ෂක ගණුදෙනු සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඇති කැපවීම යළි තහවුරු කිරීම ඇමෙරිකා ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයේ අපේක්‍ෂාව වී තිබේ.

 

කොරියානු කලාපයේ මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවද වාර්තාවේ.

දකුණු කොරියා ආරක්‍ෂක ලේකම් හන් මින් කු හමුවී සාකච්ඡා කිරීමට ද ඇමෙරිකා ආරක්‍ෂක ලේකම්වරයා අපේක්‍ෂා කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

Related posts

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්න

Mohamed Dilsad

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

Leave a Comment