ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

(උදයම්,කොළඹ)  – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් වෙයි.

පෙරවරු 8ට ආරම්භ කෙරුණු වැඩවර්ජනය දහවල් 12 දක්වා පැවතුණි.

මේ හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතු අඩාල වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේය.

මේ හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවන්ට මුහුණ දුන් බවද වාර්තා වෙයි.

වෛද්‍ය ශිෂ්‍යයින් ඊයේ(02) ක්‍රියාත්මක කළ සාමකාමී විරෝධතාවට පොලීසිය ප්‍රහාර එල්ල කිරීම සහ වෛද්‍ය සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

Related posts

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

කුවේටයේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ශාන්ත අබේසේකර රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment