ව්‍යාපාරික

විදෙස්ගත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

මෙම මස සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ නංවා තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අයවැය යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.

අයවැය යෝජනාවට අනුව පුහුණු ශ්‍රමිකයෙකුගේ අවම වැටුප ඇමරිකානු ඩොලර් 450 ක් වන අතර නුපුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප ඇමරිකානු ඩොලර් 350ක් ලෙසටයි තීරණය කර ඇත.

ඊයේ දිනයේ සිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී සංශෝධිත අවම වැටුප් සීමාවන් තුළ පමණක් අනුමැතිය ලබාදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

පරණ වාහන අළෙවිය අඩුවෙයි…

Editor O

ආපදාවෙන් බිඳ වැටුණු ව්‍යාපාරයක් යළි ගොඩනගන්නේ කෙසේද…? – ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් උපදෙස්

Editor O

Leave a Comment