ප්‍රමුඛ පුවත 1

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

(UTV| මාතලේ) – මාතලේ නගරයේ බස් රථ රියදුරන්ගෙන් හා පාසල් සිසුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගත් බව මාතලේ පොලිසිය පවසයි.

මාතලේ සිට ගම්මඩුව බලා ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ යකින් කප්පම් මුදල් ඉල්ලා එහි රියදුරුට පහරදිමක් සිදු කළ බවට මාතලේ පොලිසියිට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ විහාරපාර හා කළුදැවල ප්‍රදේශයේ පදිංචි අදාළ සිදුධියට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පිළිබද සිදු කරන  ලද විමර්ශනයන්ගෙන් මෙවුන් මාතලේ නගරයේ හා ගොංගාවෙළ  හා අඹගහමුල බස් නැවතුම්පලෙහි රැදි සිටිමින් පාසල් සිසුන්ගෙන් හා උපකාරක පංති සදහා නගරයට පැමිණෙන සිසුන්ගෙන් කප්පම්මුදල් ලබා ගැනිම සිදු කර ඇති බවට කරුණු අනාවරණය වු බව පොලිසියි සදහන් කරයි.

පාසල් සිසුන් බිය ගන්වා මුදල් ලබා ගැනිමට අමතරව පුද්ගලික බස්රථ රියදුරන්ගෙන් කප්පම්මුදල් ලබා ගනිමින් ලබාගන්නා එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතාකිරිම වෙනුවෙන් යොදාගෙන ඇති බව වැඩිදුර පරික්ෂණයන්ගෙන් කරුණු අනාවරණය වී තිබේ.

මාතලේ කොට්ඨාශභාර පොලිස් අධිකාරි අයි ටි බි සුගතපාල මහතාගේ උපදෙස් පරදි මාතලේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් විවිධ පැමිණිළි අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් සෙනවිරත්න මහතා පොලිස් සැරයන් බන්දුල යන නිළධාරීන් විසින් අදාළ සඅකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment