ප්‍රමුඛ පුවත 1

ජනපති ජපානයට ළඟා වෙයි

(UTV| ජපානය) – ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර දීර්ඝකාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය සංචාරයක් සදහා අද (12) පෙරවරුවේ ජපානයට ළඟා විය.

දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ජපානය බලා ගමන් ඇරඹූ අතර ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක්විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිතුමා ජපානයේ රජුවන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමුවීමට නියමිත අතර ජනාධිපතිතුමා වෙත එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය 14 වනදා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.

අනතුරුව ජනාධිපතිතුමා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී දෙරට අතර ආර්ථික,වෙළෙඳ සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කරනු ඇත.

එමෙන්ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකට ද ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන්ම ජපාන වාණිජ්‍ය මණ්ඩලය සහ ජපාන විදේශ වෙළෙඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශි‍්‍ර ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප‍්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර එරට නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය තිලක් මාරපන, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව රජයක් පිහිටුවීමට සුදානම් – ඇමති මුතුහෙට්ටිගම කියයි

Mohamed Dilsad

Leave a Comment