ප්‍රමුඛ පුවත 1

එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට

 (UTV| ගාල්ල) – අහුංගල්ල ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය විදේශිය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

 මෙලෙස මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකි.
ඊයේ පෙරවරුවේ මෙම විදේශිකයා අහුංගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර පසුව ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
අහුංගල්ල පොලීසිය විසින් සිදුකළ සෝදිසිකිරීම් වලදී ඊයේ (07) පස්වරුවේ මළ සිරුර සොයාගෙන ඇත.
මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාච්චදූව මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා මුල්ගල් තැබේ

Mohamed Dilsad

සෞදි කථානායක සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Mohamed Dilsad

දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment