ප්‍රමුඛ පුවත 1

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පෙ.ව.10.00ට ඉවත් කෙරේ

 (UTV| කොළඹ) – මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 08 පෙ.ව. 10.00 ට ඉවත් කොට ප.ව. 6.00 ට නැවත පැනවෙන බව රජය පවසයි.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත.

මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා බලා දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය අද (මාර්තු 08 වන බ‍්‍රහස්පතින්දා)පෙරවරු 10.00 ට ඉවත් කිරීමටත් නැවත එදිනම පස්වරු 06.00 ට නැවත පැණවීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණය කොට ඇත.

ඒ අනුව මාර්තු 08 වන දා පෙරවරු 10.00 සිට එදින පස්වරු 06.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කොට තිබේ.

ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිතා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සති අන්ත නිවාඩුව සඳහා විශේෂ දුම්රිය 04 ක් ධාවනයට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැක

Mohamed Dilsad

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment