ක්‍රීඩා

නිදහස් කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි.
හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුළත්  වුණි.
මනීෂ් පාන්ඩේ 37 යි.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලීය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේය.
පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණි.
ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තේය.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මතීෂ ව මඟහැරුණු හැටි කියයි

Mohamed Dilsad

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

ක්‍රිකට් පාවාදීම ගැන ICCයේ සැලසුම්

Mohamed Dilsad

Leave a Comment