ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා පිහිටි සමුපකාර සමිතිවල පවතින ගැටළු සාකච්ඡා කෙරේ

(UTV| කොළඹ) – දිවයින පුරා පිහිටි සමුපකාර සමිතිවල පවතින ගැටළු සාකච්ඡා කිරීමේ සහ නව සංවර්ධන යෝජනා ලබා ගැනීම වෙනුවෙන් පැවැති රැස්වීමක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී සමුපකාර සමිති නියෝජිතයන් විසින් තමන්ට මුහුණ පාන්නට වන ගැටළු අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළහ. එමෙන්ම කාර්යය මණ්ඩලවල පවතින ගැටළු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානයට ලක් කෙරෙණි. එකී ගැටළු සඳහා සුදුසුතම විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු යොදන බවද අමත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන්, සමුපකාර කොමසාරිස් එස්.එල්. නිසීර් යන මහත්වරු ඇතුළු සමුපකාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ දිවයින පුරා සමුපකාර සමිති නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

Mohamed Dilsad

මධ්‍යම ප්‍රාන්තිකයින්ට වතුර බිල, ලයිට් බිල, ගෑස් බිල සඳහා සහන [VIDEO]

Mohamed Dilsad

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

Leave a Comment