ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

(UTV| කොළඹ) – නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබුණු අතර එයින් ඉතිරිව සිටි ධීවරයින් 20 දෙනාද නිදහස් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.
පසුගියදා ධීවරයින් 109 ක් දෙනෙකු නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙක් ද ඉන්දීය රජය විසින් නිදහස් කර ඇති අතර තවත් 06 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති.
ඔවුන්ගෙන් 04 දෙනෙක් ධීවරයින් නොවන අතර මත්ද්‍රව‍්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන්ය.
කුඩා බෝට්ටුවකින් අත් අඩංගුවට පත් ඉතිරි දෙදෙනා පිළිබඳ විමර්ශන ඉන්දීය රජය විසින් මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Mohamed Dilsad

ඉදිරි මාස තුනට කතානායක වීමට සුදානම් – වාසුදේව [VIDEO]

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

Mohamed Dilsad

Leave a Comment