ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබු පොදු සමා කාලය අවසන්

(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් බැහැරවීමට ලබාදුන් පොදු සමා කාලය අද (22) අවසන් වෙයි.

පසුගිය ජනවාරි 29 වනදා සිට අද  දක්වා එරට නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් මෙම සහන කාලය ආරම්භ විය.

අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යයේ නිති විරෝධීව රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කුවේට් රජය නිවේදනය කර තිබේ.

15000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීති විරෝධීව කුවේට් දේශය තුළ රැදී සිටින බව අනාවරණවීමත් සමඟ මෙම පොදු සමා කාලය ආරම්භ කර තිබේ.
ඒ අතරන් 5785 දෙනකු පමණක් පෙරේදා දිනය වන විට එරටින් පිටවීම සඳහා වන තාවකාලික බලපත් ලබාගෙන ඇති බව කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යය තුල නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින්ට දඩ මුලකටද යටත්වීමට සිදුවන බව තානාපති කාර්යාලය  අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට.පුද්ගලයින් 65දෙනක් මරුට

Mohamed Dilsad

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment