විදෙස්

හදිසි නීතිය දිර්ඝ කිරීමට මාලදිවයින සුදානම්

(UTV| කොළඹ) – මාලදිවයිනේ දැනට ක්‍රියාත්මක වන හදිසි නීතිය තවත් දින 30ක කාලයකට දිගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා තිබේ.

ඒ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසිනි.

ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 05 වන දා සිට මේ දක්වා රටේ තත්ත්වය යහපත් වී නොමැති බවයි.

එදින ඔහු දින 15ක කාලයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ඇතුළු ප්‍රතිවාදීන් රැසක් අත්අඩංගුවට ගනු ලැබීය.

දේශපාලන ප්‍රතිවාදීන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීම තම පාලනයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසයි ජනාධිපති අබ්දුල්ලා යමීන් හදුන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි

Mohamed Dilsad

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන, මානව හිමිකම් සමුළුවට, එක්සත් රාජධානියෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment