ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය අද (14) නිකුත් කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
ඒ අනුව අද නිකුත් කෙරෙන මෙම ගැසට් පත්‍රයට අදාළව පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම ලබන මාර්තු 15දා පැවැත්වෙනු ඇත.
පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රයට අනුව මීට ඉහතදී හෙට (15) පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම සිදුකිරීමට නියමිතව තිබුණද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිත ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉල්ලා ඇති බැවින් පළමු රැස්වීම මාර්තු 15දාට යෙදීමට කටයුතු කළ බවත් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි- ජනපති

Mohamed Dilsad

අගමැති ජනපති හමුවෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි හා සුළං….

Mohamed Dilsad

Leave a Comment