ක්‍රීඩා

බංගලාදේශයට 223ක ඉලක්කයක්

(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මීර්පුර්හිදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ගියේ ලකුණු 222කටය.

අද පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් දක්ෂතාවක් දැක්වීමට හැකියාවක් නොලැබුණි.

පළමු ටෙස්ට් තරගයේදී ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් හෝ ධනංජය සිල්වාට අද වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයක්.

අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් 68 යි. ධනංජය ද සිල්වා ලකුණු 19 ක් සහ අකිල ධනංජය ලකුණු 20 ක් රැස් කළේය.

දිල්රුවන් පෙරේරා 31 යි.

සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ රොශේන් සිල්වා අවසන් කඩුල්ල ලෙසට දැවී ගියේ ලකුණු 56 ක් ලබා සිටියදීය.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 2 ක් බිඳහෙලුවේය.

බංග්ලාදේශ පළමු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mohamed Dilsad

අාසියානු කුසලානය ඉන්දීයාවට

Mohamed Dilsad

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

Leave a Comment