ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව පරීක්ෂණයක් නෑ- හමුදාව කියයි

(UTV| කොළඹ) – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාව පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ යුද හමුදාව හරහා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරතවන අතර එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඔවුන් ඉදිරියට පැමිණ කිසියම් සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය විය.

ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටවූ බව ඊයේ නිවේදනය කිරීමත් සමග පුළුල් සංවාදයක් ඇති විය.

පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් කළා- ඇමති වජිර අබේවර්ධන

Mohamed Dilsad

ශිත කාලගුණ තත්ත්වයේ වෙනසක් නෑ.

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ විශේෂ සුරාබදු වැටලීම්

Mohamed Dilsad

Leave a Comment