ප්‍රමුඛ පුවත 1

ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වන්න

(UTV| කොළඹ) – දිවයිනේ එක් කෝටි පනස් හත් ලක්ෂයක් ඉක්මවන සියලුම ලියාපදිංචි ඡන්දහිමියන් වෙත ඡන්ද හිමියාගේ නම, පිළිවෙළ අංකය, ජාතික හැඳුනම්පත් අංකය හා අදාළ ඡන්ද මධ්‍යස්ථානය සඳහන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් යවා ඇති බවමැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

බෙදාහැරීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ඡන්ද හිමියන්ට ස්වකීය අනන්‍යතාවය සනාථ කිරීමෙන් පසු තැපැල් කාර්යාවලින් ලබා ගත හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂභාවය යනාදියෙහි මුද්‍ර‍ණ දෝෂයක් ඇත්නම් ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සමඟ නොපමාව අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැන්වීමට කටයුතු කරන ලෙස අදාළ ඡන්ද හිමියන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.

මෙවැනි මුද්‍ර‍ණදෝෂයක් කල්වේලා ඇතිව නිවැරදි කිරීමක් කර ගත නොහැකි වූ විටදී වුවද ඡන්ද මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් කරුණු විමසා අවශ්‍ය වෙතොත් ප්‍ර‍කාශයක් සටහන් කරවාගෙන ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

81 වැනි උදාගම්මානය අද ජනපති සුරතින් ජනතා අයිතියට

Mohamed Dilsad

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ සැකකරුවන් 17දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment