විදෙස්

වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනපති ට්‍රම්ප් සුදානම්

(UTV|ඇමරිකාව) –  වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි.
ඔහු පවසන්නේ එමගින් වඩාත් හැකියාවන් සහිත සංක්‍රමණිකයන්ගේ අවස්ථාව අහිමි වන බවයි.

වාර්ෂිකව ක්‍රියාත්මක වන වීසා ලොතරැයිය මගින් ලොව පුරා 50,000කට ඇමරිකාවේ සේවය සඳහා ග්‍රීන් කාඩ් වීසා බලපත් හිමි වන අතර, ඔවුන්ට ඇමරිකානු පුරවැසිභාවය සඳහා ද අයදුම් කළ හැකිවේ.

ඒ සඳහා සුදුසුකම් ලබන්නේ පසුගිය පස් වසර තුළ 50,000කට අඩු පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වූ රටවල් පමණය.

වීසා ලොතරැයිය අහෝසි කිරීමේ යෝජනාව නීතියක් බවට පත්වීමට ඇමරිකානු කොංග්‍රසය මගින් එය අනුමත කළ යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවදිල්ලි නුවරේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

Mohamed Dilsad

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

Mohamed Dilsad

Leave a Comment