ක්‍රීඩා

බංගලාදේශයට කාසියේ වාසිය

(UTV|බංගලාදේශය) – තුන්කොන් තරඟාවලියේ අද පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට මෙම තරඟය ජය ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වේ.

තරඟය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ – මීර්පූර් හි පිහිටි ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදිය.

අද තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම අවසන් මහා තරඟය සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

යම් හෙයකින් අද තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් අවසන් තරඟයට එක්වීමට බලාපොරොත්තුවක් තබාගත හැකි වන්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතය.

සිම්බාබ්වේ කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිනම් ශ්‍රී ලංකාවට අවසන් මහා තරඟයට එක්වීමට අවස්ථාව උදා වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අදයි

Mohamed Dilsad

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් ෂෙලීන්ඩා

Mohamed Dilsad

එළඹෙන විස්සයි -20 තරගාවලියට තිසර පෙරේරාත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment