Trending News

ඉන්දුනීසියානු ජනපති අද දිවයිනට

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව  සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

ජනවාරි 25 වැනි දින උදෑසන පැවැත්වෙන හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපති විඩෝඩෝ මහතා සමග ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව මීට වසර 65 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර එතැන් පටන් අඛණ්ඩව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගෙන යයි. 2016 වසරේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ රාජ්‍ය සංචාරයක නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නලින් හේවගේගේ පට්පල් කෙබරයක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Former Australian PM resigns from parliament

Mohamed Dilsad

Govt. to recruit retired railway Officials

Mohamed Dilsad

Leave a Comment