ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවේ හොරු පන්නා හෝ යහපාලන ගමන යන්න සුදානම් – ඇමති මනෝ ගනේෂන්(AUDIO)

(UTV|මාතලේ)  –  “වත්මන් යහපාලන ආණ්ඩුවේත් හොරු ,පාතාලේට සම්බන්ධ අය, මත්ද්‍රව්‍යට සම්බන්ධ අය ඉන්නවා. අපි ඔවුන්ට මේ යහපාලන ගමන වලක්වන්න ඉඩ තියන්නේ නෑ .ඔවුන්ව එළියට ඇද දමා හෝ ඉදිරි ගමන යනවා” යැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එකමුතු ප්‍රගතිශිලි සංධානය යටතේ මාතලේ මහ නගර සභාවට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා ඊයේ (22) වන දින මාතලේ ගොංගාවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

“අපි එක්සත් ජාතික පක්ෂයට සන්ධානයට ඇතුළු අනෙක් සියළු පක්ෂවලට සහජිවනය පිළිබද ටියුෂන් දෙන්න ලෑස්තියි.අපිත් සමග සිංහල ,ද්‍රවිඩ,මුස්ලිම් සියළු අපේක්ෂකයින් සහජිවනයෙන් වැඩ කරන්නේ.අපේ පක්ෂය ත්‍රිවිල් පක්ෂයක් නෙවෙයි කන්ටේනර් පක්ෂයක් අපේ ජනතාවට වැඩ කරන්න අපට අවශ්‍යයි.අනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි තැපෑලට

Mohamed Dilsad

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

පරිසර පද්ධතියට දැඩි විනාශයක් කර ඇත්තේ පාලකයන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment