ප්‍රමුඛ පුවත 1

විශේෂ කාලගුණ නිවේදනයක්

 (උදයම්,කොළඹ )  – අද (27) රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම වැසි  සහිත තත්ත්වය එළැඹෙන 28දා තෙක් අපේක්ෂා කරන බවත්,  උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වේ.

සවස් කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි ‍‍හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

සා පෙළ සිසුන්ට ජාතික හැදුනුම්පත් ලබාදීම අප්‍රේල් මාසයේ සිට

Mohamed Dilsad

පාර්ලිමේන්තු නියෝජිතයින්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

ජනපති සහ ඕස්ට්‍රේලියානු අගමැති අතර සාකච්ඡා හෙට

Mohamed Dilsad

Leave a Comment