විදෙස්

ඉන්දියාව බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

 (UTV|ඉන්දියාව)  – තවත් බැලිස්ටික් මිසයිලයක් ඉන්දියාව ඊයේ(18) සාර්ථක ලෙස අත්හදා බලා තිබේ.
එය ගොඩබිම සිට කිලෝමීටර් 5000 ක් ඈතින් වූ තවත් ගොඩබිම් ඉලක්කයකට න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බැලිස්ටික් මිසයිලයකි.

අග්නි 05 වර්ගයේ ඉන්දියාවේ නිෂ්පාදිත එම මිසයිලයට චීනයට හෝ යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට ළඟා විය හැකි බව ඉන්දීය මාධ්‍ය සදහන් කළේය.

මීටර් 17ක් උසැති මීටර් 2 ක් පළලැති අදියර 3 කින් යුත් මෙම මිසයිලය ඔඞීෂා වෙරළට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දිවයිනේදී අත්හදා බලනු ලැබූ බව ඉන්දීය ආරක්ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන් පවසා තිබේ.

එමගින් ටොන් 1 යි දශම 5 ක් බරැති න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි අතර, ප්‍රතිමිසයිලයක් මගින් එය වැළැක්වීමේ හැකියාව ඇත්තේ ඇමරිකාවට, රුසියාවට සහ ඊශ්‍රායලයට පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

Mohamed Dilsad

Leave a Comment