ප්‍රමුඛ පුවත 1

සා පෙළ සිසුන්ට ජාතික හැදුනුම්පත් ලබාදීම අප්‍රේල් මාසයේ සිට

(UTV|කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට මේ අවුරුද්දේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කර ඇත.

මේ සඳහා අයඳුම්පත සහිත අදාළ චක්‍රලේඛය අපොස සාමාන්‍ය පොළ පංති තිබෙන සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබන සතියේ යැවීමට කටයුතු යොදා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.

සියලු ම විදුහල්පතිවරුන් චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප 2018 මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බවද ඒ මහතා කීය.

බොහෝ විදුහල්පතිවරුන් විභාගය ආසන්න වූ පසු සිසුන්ගේ හැඳුනුම්පත් සඳහා අයඳුම්පත් එවීම නිසා දෙපාර්තමේන්තුවට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට මෙම පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

රට තුල එක නීතියක් ක්‍රියාත්මක වනවා [VIDEO]

Mohamed Dilsad

පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment