Trending News

විදුලි සේවකයන් අඛණ්ඩ වර්ජනයක

(UTV|කොළඹ) – අද (18) පෙරවරු 9 සිට දීපව්‍යාප්ත අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විදුලි වෘත්තිය සමිති පවසයි.

ඒ ඊයේ ඇතිවූ තත්වයට විරෝධය පල කරමිනි.

විදුලි සේවකයන් පිරිසකගේ ග්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩල සභාපතිවරයා මුදාගැනීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමත් සමග ඊයේ (17) රාත්‍රියේ විදුලිබල මණ්ඩල මුලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

එහිදී තමන්ට පහරදීමක්ද සිදුවූ බව විදුලි වෘත්තිය සමිති පෙන්වා දෙයි.

පාලනාධිකාරියට පමණක් වැටුප් වැඩිකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් කොළඹ පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඊයේ වටලනු ලැබීය.

අනතුරුව විරෝධතාකරුවන් සභාපතිවරයා රැඳී සිටින නිල කාමරයට ඇතුළු වී පැය 05 කට අධික කාලයක් ඔහු එහි බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර පසුව වෘත්තිය සමිති නියෝජිතයින් විසුරුවා හැර, එහි සිටි පිරිස ගලවාගැනීම සඳහා පොලීසිය, කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ කටයුතු කළේය.

මෙම සිද්ධියෙන් පසුව තුවාල ලැබූ විරෝධතාවට එක්ව සිටි සේවකයින් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් අද උදෑසන 09 සිට අඛන්ඩ වර්ජනයක නිරතවන බවයි විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Special Notice to All 2018 Advanced Level Candidates

Mohamed Dilsad

22 பெண்களின் தேசிய அடையாள அட்டைகளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Railway services on Up-Country line delayed

Mohamed Dilsad

Leave a Comment