ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්

(උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු පෙබරවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරිමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.

කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු විරසේකරට චෝදනා එල්ලවී තිබේ.

Related posts

මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් -රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment