ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්

(උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු පෙබරවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරිමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.

කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු විරසේකරට චෝදනා එල්ලවී තිබේ.

Related posts

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

මානව සංවර්ධන දර්ශකයේ මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍යට ප්‍රධානය කෙරේ [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

Leave a Comment