ප්‍රමුඛ පුවත 1

සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ දිවයිනට

(UTV|කොළඹ)  – නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලුං මහතා ලබන 22 වන දින මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා දින දෙකක කාලයක් මෙරට රැදී සිටීමට නියමිත අතර එම කාලය තුළ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බව වාර්තා වෙයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පසුගිය ජුලී මාසයේ සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් – සුව ඇමති

Mohamed Dilsad

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

Leave a Comment