විදෙස්

ප්‍රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයක

(උදයම්,ප්‍රංශය)  –  ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි.
ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරිමටය.

මේ සඳහා කොලොම්බියානු රජයේ සහය ද ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මාසයේදි කොලොම්බියානු රජය සමඟ මෙම ත්‍රස්ත කණ්ඩායම සාම ගිවිසුමකට එළඹ තිබුණි.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙලෙස කොලොම්බියාවේ නිල සංචාරයක නිරතව ඇත්තේ වසර 30කට පසුවවීම විශේෂත්වයකි.

පසුගිය කාලයේ කොළොම්බියාව තුළ අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සහය දැක්වීමක් ලෙස මෙලෙස ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොළොම්බියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment