ප්‍රමුඛ පුවත 1

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

(UTV|කොළඹ) – මාදුරුඔය දකුණු ඉවුර ඇල මුලින් සැළසුම් කරන ලද්දේ දැනට වගාකෙරෙන හෙක්. 1,800 කට හා නව ගොවිබිම් හෙක්. 1,400- කට වාරි ජලය ලබාදීමට වුවත් කාලයත් සමඟ වාරි පහසුකම් සහිත කෘෂිකාර්මික කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බිම් ප්‍රමාණය දළ හා ශුද්ධ ප්‍රදේශය වශයෙන් පිළිවෙළින් හෙක්. 12,000 ක් හා 10,000 ක් පමණ වෙයි.

එමෙන්ම හෙක්. 10,000 ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70% ක් උක් වගාව සඳහා වෙන්කෙරෙන අතර ඉතිරි 30% වී හා වෙනත් ක්ෂේත්‍ර භෝග වගාව සඳහා භාවිතා කෙරෙනු ඇත.

ඒ අනුව ගොවිපවුල් 9,000 ක් හා ගොවිනොවන පවුල් 2,800 ක් පමණ පදිංචි කිරීම සඳහා වාරි පහසුකම් සහිත ගොවිබිම් සකස් කිරීම හා සමාජයීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි.

ඊට අමතරව වාරි පහසුකම් සහිත කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කිරීමත් ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් හා ඒ තුළින් සමස්ත රටේම ආර්ථික සමෘද්ධිය සඳහා දායක වීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබන මුලු ආයෝජනය ඇමෙරිකන් ඩොලර් 475,000,000කි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මහින්දානන්දගේ නඩුව ජනවාරියට කල් යයි

Mohamed Dilsad

LTTEයට සම්බන්ධ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට එරෙහිව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment