ක්‍රීඩා

ඉන්දියාවට විශිෂ්ට ජයක්

(UTV|කොළඹ)  – ඊයේ (22) ඉන්දෝර්හි හොල්කාර් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 88කිනි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 05ක් දැවී ලකුණු 260ක් රැස්  කළේය.

ඉන්දීය කණ්ඩායම රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20 තරඟයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් විය.

ඉන්දියාව වෙනුවෙන් එම කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ලකුණු 118ක් රැස් කළේ පන්දුවාර 20 තරඟයකදී පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකයට හිමි ලෝක වාර්තාව සම කරමිනි.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා ඉන්දීය කඩුලු 02ක් බිඳ දැමූ අතර දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දාවා ගත්තේය.

ලකුණු 261ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 02ක් තුල කඩුලු 09කට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 172ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත 20-20 තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

අප්‍රිකා නැඟී එන කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ලකුණූ 215 ක ජයක්

Mohamed Dilsad

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් ෂෙලීන්ඩා

Mohamed Dilsad

Leave a Comment