Trending News

ජනපති හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක

(UTV|කොළඹ)  – ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරකාවක නිරත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලිබලාගාරයේ පරීක්ෂණ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර,  එම කටයුතු පිළිබදව  ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

මෙරට කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන මොරගහකන්ද ජල විදුලි බලාගාරය අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් හතරකින් විදුලි බලය නිෂ්පාදන කරනු ලබයි.

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 450,000 කි. එම ජල ධාරිතාවෙයන් සියට 93 ක් එනම් අක්කර අඩි 410,000ක් මේ වන විට සම්පූර්ණ වී තිඛෙන අතර විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජල ධාරිතාව සම්පූර්ණවීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරණු ඇත.

දශක හතරකට ආසන්න කාලයක් පුරා සැලසුම්වලට හා දේශපාලන නොසලකාහැරීම්වලට ලක් වෙමින් පැවති මොරගහකන්ද කථගග ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා කඩිනම් කිරීමට අවස්ථාව ලැබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට කෘෂිකර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රමුඛ පියවරක් වශයෙනි.

අද පස්වරුවේ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ඉංජිනේරුවන් ඇතුථ ව්‍යාපෘති නිලධාරින් සමග සුහද කථා බහක නිරත විය.

මොරගහකන්ද කථ ගග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ටී.බී. විෙජ්රත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Strong 6.7 magnitude earthquake shakes Japan

Mohamed Dilsad

“மூவின மக்களின் ஆதரவுடன் கிழக்கு மாகாண சபையின் ஆட்சியை வசப்படுத்துவோம்”

Mohamed Dilsad

ஆடை ஏற்றுமதிமூலம் 480 கோடி ரூபா வருமானம்

Mohamed Dilsad

Leave a Comment