ප්‍රමුඛ පුවත 1

රත්නපුර බස් අනතුරකින් දෙදෙනෙකු මරුට.තවත් පිරිසක් රෝහලේ

(UTV|රත්නපුරය) – රත්නපුර – පතුල්පාන ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අළුයම මාර්ගයේ ගමන්ගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇළකට වැටී ඇත.

පොලීසිය සඳහන් කළේ ඌරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් 41 දෙනෙකු රත්නපුර රෝහලට සහ 3 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 290 ඉක්මවයි. තුවාල ලැබුවන් ගණන 500ක්

Mohamed Dilsad

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

Mohamed Dilsad

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

Mohamed Dilsad

Leave a Comment