ප්‍රමුඛ පුවත 1

රත්නපුර බස් අනතුරකින් දෙදෙනෙකු මරුට.තවත් පිරිසක් රෝහලේ

(UTV|රත්නපුරය) – රත්නපුර – පතුල්පාන ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අළුයම මාර්ගයේ ගමන්ගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇළකට වැටී ඇත.

පොලීසිය සඳහන් කළේ ඌරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් 41 දෙනෙකු රත්නපුර රෝහලට සහ 3 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදා නිලධාරියා ඇප

Mohamed Dilsad

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment